Ads 468x60px

Thursday, March 4, 2010

Hello වෙනුවට ආයුබෝවන්!


"හලෝ" "හැලෝ' "හෙලෝ' දුරකථනයකින් ඇමතුමක් ගත්තොත් ඕනම තරාතිරමක කෙනෙක් (ස්වාමීන් වහන්සේලා හැර) ඔය වචනය කියනවාමයි හැබැයි ඒක කිව්වට ඔවුන් ඒකෙ තේරැම වත් දන්නෙ නෑ අඩුම ගානෙ මම වත් හරියට එකෙ තේරුම දන්නෙ නෑ එක එක්කෙනා එක එක තේරුම් කියනව බුදුදහමෙදි නමි තේරුමක් දනිනෙ නැති වචන කථාකරනවට කියන්නෙ හිස් වචන කියල ඉතින් බලන කොට මේකත් එක්තරා හිස් වචනයක් තමයි.
සමහරු නම් කියයි ඒ වචනයේ වැරද්දක් නෑ මොකද දුරකථන හොයාගත්තෙත් සුද්දෝ නේ ඉතින් එයාලට කළගුණ සැලකීමක් වශයෙන් එම තේරුමක් නොදන්න ඉංගිරිසි වචනය දිගටම භාවිතා කරණ එක හොදයි කියල.තවත් සමහරු ඔය විජාතික සංස්කෘතිය විනාස කරන්න කැමති නෑ නේ අපේ දේවල් පාවා දීල හරි උන්ගෙ නම ආරක්ෂා කරණව පුදුම මිනිස්සු.
ඒවයින් වැඩක් නෑ කියන්න ගත්තු දේ කියන්නම් කෝ මට ලගදි අපූරු අදහක් ආව ඒ අදහස එන්න මුල් වුණේ රුහුණු සරසවියෙ සිසුවෙක් වුන අජිත් කුමාර හෙට්ටිආරච්චි නොහොත් සූවස් නිසා මොකද එයා දුරකථනයෙන් ආමන්ත්‍රණය කරද්දි මේ Hello වචනය වෙනුවට කියන්නෙ ආයුබෝවන් ! කියල අපූරුයි නේ.හැබැයි අවුල තියෙන්නෙ මෙහෙම කිව්වම හැමෝම හිතන්නෙ විහිළු කරනව කියල මොකද දැන් හොද සිංහල වචනයක් කිව්වත් ගොඩක් අයට විහිළුවක්.උදේට Good Morning නොකියා සුභ උදෑසනක් කියල කිව්වොත් මිනිස්සු හිතන්නෙ අපිට ලූස් කියල නැත්නම් හයියෙන් හිනාවෙනව ශ්‍රී ලාංකිකයො වෙච්ච අපි එහෙම හිනාවෙනවනම් පි‍ට රට්ටු අපිට කොහොම හිනාවෙනව ඇත්ද?
ශ්‍රී ලාකිකයො විදියට අපිට යුතුකමක් තියනව අපේ කම රැක ගන්න අද ඉදන්වත් අපි උත්සාහ කරමු දුරකථනයෙන් ආමන්ත්‍රණය කරද්දිවත් ආයුබෝවන් කියල සිංහලෙන් අමතන්න හැබැයි ගොඩක් දෙනෙක් අපිට හිනාවෙයි පිස්සු කියල හිතයි ඒත් ඒව ඉවසගෙන කට්ට කාගෙන ටික දවසක් හරි කරල බලමු වැරදිලාවත් හරිගියොත් .....

3 comments :

  1. සිංහලෙන් දුරකථනයට පිළිතුරු දීමට කරන ඔබගේ යෝජනාවනම් හොදයි, ඒත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ මේ "ආයුබෝවන්" කියන වචනය මේකට ගැලපෙනවද කියන එකයි.

    ආයුබෝවන් කියන්නෙ ආයු බොහෝ වේවා කියන එක කියලයි මම ඉගෙනගෙන තියෙන්නෙ.

    ඉතින් කතාතරන්නෙ කවුද නොදැන හෝ දැන හෝ හැමෝටම මේ වචනය පාවිච්චි කිරීම හොදද නරකද කියන එක මටනම් නිර්වචනය කරන්න අමාරුයි.

    කෙනෙක් කියන්න පුලුවන් අගේ සංස්කෘතියේ මුල ඉදලම ලෝභ නැතුව මේ වචනය පාවිච්චි තරන්නෙ හැමෝටද නිසා ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් වෙනත් අදහසුත් තියෙන්න පුලුවන් නිසයි මම මේ ගැන කිව්වේ.

    මම කතාවක් කියන්නම්, සමහර දේශපාලකයන් පෝස්ටර් ගහනවා "දූෂණයට ආයුබෝවන්, අලුත් දේශපාලන සංස්කෘතියට අත වනමු කියල."

    මාර වචන සෙට් වක කියලත් කියනව. ඒත් තේරුම බැලුවොත් දූෂණයට ආයු වැඩිවෙන්න තමයි කියලා තියෙන්නෙ

    ReplyDelete
  2. ඉන්ග්‍රීසි කතා නොකරන අනිත් රටවල දුරකතනය ගන්නෙ මොකක් කියලද? එගොල්ලොත් hello කියනවද?
    මම හිතන්නෙ ඉන්දියවෙනම් hello කියනව.

    ReplyDelete
  3. අහුබුදුවන් ට අනුව හෙලෝ කියන්නේ රාවණා කාලයේ තලබනුවෙන් (telephone) බණන (speak) විට මුලින්ම හෙලයෙකු දැයි ඇසූ නිසා ඉන් පැවත ආ දෙයක්.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...