Ads 468x60px

Thursday, March 4, 2010

ICTA නිදිද?

ශ්‍රී ලංකේය ජනයා බොහෝ දෙනෙක් දැන් දැන් සිංහල බ්ලොග් කරණයට යොමු වී ඇති අතර එයින් වැඩි පිරිස පිරිමින් වීම සුවිශේෂීවේ. කාන්තා පක්ෂය මෙවැනි දේ සදහා යොමු නොවීමට හේතුව කුමක්ද? මින් අදහස් වන්නේ ලංකාවේ කාන්තා පක්ෂය අදහස් හුවමාරුවට අකමැතිද නැතිනම් ඔවුන් කාර්ය භහුලද? එමෙන්ම නූතන ලාංකේය පාසල් පද්දතිය තුල අන්තර්ජාල පහසුකම විශාල වශයෙන් භාවිතා වුවද එම පාසල් වල තොරතුරු තාක්ෂණ ගුරුවරුන් පවා තවමත් බ්ලොග් නිර්මාණයට පිවිස නොමැත.
මෙම බ්ලොග් ක්‍රමය ඉගෙනීමට සාර්ථක තාක්ෂණික ක්‍රම වෙදයක් බව අප අත් දැකීමෙන් දනිමු ඉදිරියෙදි අන්තර්ජාලය බාවිතා කරන්නන් බ්ලොග් කරණයට යොමු කිරීමෙ පුළුල් වැඩ පිළිවෙලක් අවශ්‍ය බව මගේ මතයයි පාසල් මට්ටමින් මෙන්ම තරුණ සංවිධාන මට්ටමින් මෙවන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ හැකි අතර ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණය නංවාලීම සදහා ජනාධිපති කාර්යාලය හා එක්ව ක්‍රියාත්මක වන ඉක්ටා හෙවත් ICTA වැනි ආයතන තවමත් අමනව හා නින්ද්‍රෝපගතව එකතැන පල්වෙමින් සිටීම ගැනද කණගාටුව පල කළ යුතුව ඇත.ඔවුන් තොරතුරු තාක්ෂණය වෙනුවෙන් කළ දෙයක් ඇත්නම් ඒ අසාර්ථක නැණසල මධ්‍යස්ථාන පිහිටු විමයි.
මේ කවුරු නිදිය ගත්තත් අපේ බුලට් වගේ කොල්ලොටික සිංහල බ්ලොග් කියවනයන් පවා හදල තොරතුරු තාක්ෂණය වෙනුවෙන් කරන සේවය ප්‍රසිද්ධියේ අගය කළ යුතුව ඇත.ඒ වගේ ගාල්ල බටුවන්ගල වැනි දුශ්කර පාසල් වල සිට වුවත් තොරතුරු තාක්ෂණ ගුරැවරයකු ලෙස අරුණ චමින්ද මහතා එම පාසලට හා ප්‍රදේශයට කළ සේවය අගය කළ යුතුය එම පාසලේ සියලුම ළමුන් පුද්ගලික බ්ලොග් පවත්වාගෙන යන බව ඔබ දන්නවාද ? එවැනි ගුරුවරුන් ලංකා මාතාවට සම්පතකි එමෙන් කොළොන්න ප්‍රාදේශිය ලේකම් කාර්යායේ සේවය කරණ රජීන් වැන්නවුන් තොරතුරු තාක්ෂණයට කරණ සේවය අගය කළයුතුය. මම ඔය කිව්වෙ මම දන්න  විවිධ කාර්යන්වල නියුතු කිහිප දෙනෙක් විතරයි තවත් එවැනි පුද්ගයින් බොහෝ ඇති ඉතින් හැහෝම එකතුවෙලා මෙවැනි කාර්යභාරයන්ට දායක වෙමු ලංකාවේ තාක්ෂණය නගා සිටුවමු  

3 comments :

  1. බොහොම හොද මාතෘකාවක්. ICTA දොස් කියන්න බැහැ. දැන් බලන්න විශාල වියදමක් දරල ඔවුන් රජයේ සේවකයින්ට තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණු පාඨමාලා බොහෝමයක් තිබ්බා(ICDL). මමත් එයින් ප්‍රතිලාභ ලබපු කෙනෙක්. අපිත් එක්ක ඒ ප්‍රතිලාභ ලබපු ගොඩක් දෙනා හිතන්නේ word වල ලියුමක්ty± කරල print එකක් ගන්න දන්නවනම් ඇති කියල.
    මම මේ වියුණු (blog) ලියන්න පෙළඹුනේ හිතේ දුක සතුට කාටවත් නොදැනෙන්න පිටකරන්න පුලූවන් අවස්ථාවක් වුන නිසා. අන්තිමට වුනේ මමත් නොදැනුවත්ව මගේ හැකියාවන් හෝ /නොහැකියාවන් මට හදුනා ගන්න ලැබුන එක.... නව පරපුරනම් සෑහෙන ඉදිරියට යන බව පේනව. මොකද වියුණු ලියන ගොඩ දෙනෙක් නව යොවුන් වියේ තරුණයන් නිසා...

    මේ මාසයේ පරිගනක සගරාවත් සමග වියුණු ගැන පොත් පිංචක් දීලා තිබුනා. ඒ කියන්නේ වියුණු දැන් ලංකාවෙත් ජනප්‍රිය වෙමින් තිඛෙන බව. ඒ වගේම සති අන්ත පුවත්පත් කිහිපයකම අපේ සින්ඩියේ තියෙන වියුණු ගැන ලිපි ප වෙලා තිබ්බ කියල මට මතකයි

    ReplyDelete
  2. ICTA එක ගැන කියනවනම්, පවසන්න වදන් නොමැත........!!!!!!

    ඒ නිසා කතා කරලා වැඩක් නැත.

    @wath
    ICDL පුහුණුව ගැන කියනවනම් ඒක තනිකරම කළේ ආන්ඩුවෙවත්, ICTA එකේ වත සල්ලි වියදම් කරලා නෙවෙයි. ආධාර මත.
    අනිත ඒකෙ සාර්ථක, අසාර්ථක බව ගැන කියනවනම් කතා කරන්න ගොඩක් දේවල් තියෙනව, ඒත් මමත් මේකට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක් විදිහට ඒක සදාචාර සම්පන්න නැහැ.

    ReplyDelete
  3. උනන්දුව අැත්නම් ඉගෙනගන්න පුලුවන්.සිංහල ටයිප් කරන්න නොදන්න නිසා ගෙොඩක් දෙෙනෙක් බ්ලොග්කරණයට යොමුවි නැහ.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...