අද කාලෙ ඉතින් ජංගම දුරකථනයක් නැත්තෙ කාටද මොන්ටිසෝරි යන පොඩි එකාගෙ ඉදල හැමොටම තියනව එක අතකින් තාක්ෂණය ගමට ඇවිල්ල කියල සතුටුවෙන්න පුළුවන් වුනත් තවත් අතකින් මේකෙ අවදානමකුත් තියනව ඉස්කෝලෙ යන ළමයිට නම් ජංගම දුරකථන දීම මම අනුමත කරන්නෙ නෑ ඉගෙන ගෙන ඉවරවෙලා දැනුම් තේරුම් ඇති කාලෙනම් ඕව පාවිච්චි කලාට වරදක් නෑ නැත්නම් පුංචි මල් කැකුළු වගේ ඉන්න පොඩි එවුන් ඉගෙනුම පැත්තක දාල මේ දේවල් හරහා ආදර බස් දොඩවන්න ගනීවි හැබැයි මම කියන්න හදන්නෙ වෙන දෙයක් දැන් ඔය ජංගම දුරකථන වල නාද රටා ඇහුවම සමහර වෙලාවට ආස හිතෙනෙව සමහර ඒව ඇහුවම හිනා යනව දැන් ඒකත් එක්තරා කලාවක් වෙලා සිංදු නාද රටාව විදියට දාන එක තමයි ගොඩක් අය කරන්නෙ හැබැයි සිංදුවක් වෙනුවට ලස්සන හිත නිවෙන සංගීත ඛණ්ඩයක් දැම්මොත් කොහොමද?
පහුගිය දවස්වල මට හොද නාදරටා කිහිපයක් අහුවුණා මම එකක් දෙකක් දෙන්නම් පහත තියෙන සබැදිවලින් බා ගන්න කෝ.....
No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...